Victory Shipping
Victory Shipping
Latest News
  • >> තොන්ඩමන් පොහොට්ටුවට.......
  • >> රට සංවර්ධනයට දූෂණයෙන් තොර දේශපාලනයක් අත්‍යාවශ්‍යයි.
  • >> බ්‍රිගේඩියර් නිදහස්....
  • >> රවී පාර්ලිමේන්තුවේදී දෙහි කපයි.... (මෙන්න විස්තර)
  • >> ජල සම්පාදන වෘත්තීය සමිති අද පැය 24 ක් වැඩ වර්ජනයක නිරත වෙයි.
  • >> අද බැඳුම්කර කොමිසමේ වාර්තාව සභාගත කරයි
  • >> ගෝලීය වෙළඳපොළ ජය ගැනීම අපගේ ඉලක්කය විය යුතුයි ඇමති බදියුදීන් කියයි.
  • >> ජනාධිපති නිල කාලය වසර 5 කි
  • >> ධූරකාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
  • >> බද්ධ දරුවන් වෙන්කර ලෝක වාර්තාවක්
  • >> ධීවරයෝ දෙදෙනෙක් මරුට
  • >> වෑන්-ටිපර් අනතුරින් 4ක් එතනමයි-1කට තුවාලයි
  • >> අර්ජුනගේ යෝජනාවට බාල්දියක්
  • >> යාපනයේ අනතුරකින් 2 ක් මරුට
  • >> යහපත් වූ සිත පුද්ගලයා උසස් තන්හී රඳවයි
  • >> වැඩ ගොඩක් කරලා පොලීසියෙන් හොයපු අය අතටම හසුවෙයි
  • >> හෙල්මට් නැතුව ගිහින් 2ක් අවසන් ගමන් යයි
  • >> බලපත් රහිත ගුවන් විදුලි නාලිකාවක් වටලයි
  • >> රිය අනතුරු වලින් 5 ක් මරුට
  • >> 205 කගේ උසස් පෙළ ප්‍රතිඵල අත්හිටුවයි
  • >> ඡන්ද පොළේ ආරක්ෂාවට පොලිසිය සමඟ නියෝජිතයෝ දෙදෙනෙක්
  • >> බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි
  • >> රුපියල් ලක්ෂ දහහතරක ආදායමක්
  • >> තේ තහනම ඉවතට
  • >> 41 දෙදරු මවගේ අනියම් පෙම මරණයෙන් කෙළවර වෙයි
  • >> යාපනයේ ආයතන හතරකින් පොහොට්ටුව විසිවේ
  • >> නොමිලේ පෙළ පොත් -අලෙවි කිරීමක් කරන්නෙ නෑ
  • >> බැලැස්ටික් මිසයිලය
  • >> ඇස්බැස්ටස් සෙවිලි තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
  • >> වෛරස් උණක් හේතුවෙන් රජරට සරසවිය වසාදමයි
  • >> අදිවේගී මාර්ගයට දුම්රියක් කඩා වැටෙයි
  • >> නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පද්මසිරි ජයමාන්න මහතා
  • >> මේ තැන් වලින් නාන්න එපා
  • >> ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය අද (15) ජනාධිපති කාර්යාලයේදී දිව්රුම් දුන්නාය.
  • >> ඔටෝවා ප්‍රඥප්තිය ක්‍රියාවට නංවයි
  •  

    එජාපය හෝ වේවා ශ්‍රී ලනිපය හෝ වේවා වෙනත් පක්ෂයක් හෝ වේවා හොරෙක් නම් ඡන්දය දෙන්න එපා..

    Post Thumb

    එජාපය හෝ වේවා ශ්‍රී ලනිපය හෝ වේවා වෙනත් පක්ෂයක් හෝ වේවා හොරෙක් නම් ඡන්දය දෙන්න එපා..

    යහපාලන ආණ්ඩුව ආරක්ෂා කර ගත හැකි යහපත් පුද්ගලයින්ට පමණක් ඡන්දය දෙන්න

    ඇමති අර්ජුන මහජනතාවගෙන් ඉල්ලා සිටී...

     

    හොරකම සහ වංචාව දූෂණය පිටුදකින පුද්ගලයින්ට පමණක් මෙවර පළාත් පාලන  මැතිවරණයේදී ඡන්දය ලබා දෙන්නැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි. “අද අපට කථා කිරීමේ නිදහස ඇත. සුදුවෑන් නැත. පැහැරගැනීම්  නැත. නිදහසේ ජීවත් වීමේ නිදහස ඇත. තිරසාර ආර්ථික සංවර්ධනයකට මුලපුරා ඇත. උතුරේත් දකුණේත් සියලුදෙනාටම එකම රටක බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හැකි නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දී ඇත. හොරුන්ට දඬුවම් දීමේ ප‍්‍රමාදයක් තිබුණත් සතුටු  විය හැකි ලෙස හොරකම සහ දූෂණය නැති කිරීමට පියවරගෙන ඇත. දැන් අප කළ යුත්තේ මේ නව දේශපාලන සංස්කෘතිය තවත් දියුණු කරමින් අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමය. ඒ සඳහා දේශපාලන සංඥාවක් මෙවර පළාත්පාලන මැතිවරණයේදී පුරවැසියන් ලෙස ඔබට ප‍්‍රකට කළ හැකි බවද මම විශ්වාස කරමි....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටි. ඒ “ජාතික ආණ්ඩු සංකල්පය ගමේ ආණ්ඩුවටත් හඳුන්වා දෙමු - යහපාලන සංකල්පය දිනවා රට ගොඩනැඟීම ශක්තිමත් කරමු” යන ලිපි ශීර්ෂය යටතේ පුරවැසි මහජනතාව වෙත විවෘත ලිපියක් යොමු කරමිනි.

    “නව මැතිවරණ සංස්කෘතියක් ආරම්භ කරමින් පැවැත්වෙන මෙවර පළාත් පාලන මැතිවරණයට තවත් ඇත්තේ දින කිහිපයකි. මේ දින කිහිපයේදී ඔබ ගන්නා දේශපාලන තීරණය රටේ අනාගතය තීරණය කරන තීරණාත්මක තීන්දුවකි. එබැවින් එම තීන්දුව, ඇතැම් පුද්ගලයින්ගේ නොමඟ යැවීම්වලට සහ ජාතිවාදී ආගම්වාදී මෙන්ම පුද්ගලවාදී පක්ෂවලට හසුනොවී  වඩාත් ඥානාන්විතව සහ බුද්ධිමත්ව ගතයුතු බව තරයේ මම විශ්වාස කරමි. මේ ලිපිය පුරවැසි ඔබට යොමු කරන්නේද එවැනි නිවැරදි තීරණයකට එළැඹීම සඳහා මඟ පෙන්වීමේ අරමුණනි. 

    සැමට සාධාරණත්වය සහ සමානාත්මතාව හිමිවන සුපිළිපන්න රටක් සහ අපේ දරුවන්ට සාඩම්බර අනාගතයක් උදා කරන ආණ්ඩුවක් රට පාලනය කරනු දැකීම මගේ මූලික අපේක්ෂාවයි. එම අපේක්ෂාව ඉටු කරගැනීම උදෙසා අවිවාදිතව පෙනී සිටින මට ජාති, පක්ෂ, පාට හෝ කණ්ඩායම්වාදය වැදගත් වන්නේ නැත. සැම විටම මට වැදගත් වන්නේ රටයි. පක්ෂ දේශපාලනයෙන් බැහැරව රට මුල්තැන ගන්නා නිර්පාක්ෂික ජාතික දේශපාලනයක නිරත වීම මගේ දේශපාලන ප‍්‍රතිපත්තියයි. රටේ සම්පත් ආරක්ෂා කිරීම, හොරකම් නොකිරීම, වංචාව දූෂණය පිටුදැකීම එහි මූලික පදනම වේ. දිස්ත‍්‍රික්ක තුනකින් පක්ෂ තුනකින් අවස්ථා හතරකදී මහමැතිවරණයට ඉදිරිපත්වී පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම වසර 15ක් අඛණ්ඩව මට හිමි වූයේද එම ප‍්‍රතිපත්තියේ පිහිටීම නිසා බව මම තරයේ විශ්වාස කරමි. ජීවිත අවධානමද නොතකා 2015 ජනවාරි 08 වැනිදා වත්මන් යහපාලන රජය නැතහොත් ජාතික ආණ්ඩුව පිහිටුවීම සඳහා පෙරමුණ ගත් අය අතර මාද පෙරමුණේ සිට ගත්තේ එම දේශපාලන ප‍්‍රතිපත්තිය දිනවීමේ අරමුණනි. 2015 ජනවාරි 8වැනිදා පිහිට වූ යහපාලන රජය මේ රටේ හැරවුම් ලක්ෂ්‍යයකි. රටේ ප‍්‍රධානතම දේශපාලන පක්ෂ දෙක වූ ශ‍්‍රී  ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත්, සෙසු දේශපාලන පක්ෂත්, උතුරේ මෙන්ම දකුණේ දේශපාලන පක්ෂත්, සිවිල් සංවිධානත්, පුරවැසි ඔබත් එකට එක්ව අලූත් රටක් දැන් බිහිකරමින් සිටින්නෙමු. ඒ අලුත් රටේ යහපත් ප‍්‍රතිඵලද අද අපි භුක්ති විඳිමින් සිටින්නෙමු.

    පළාත් පාලන මැතිවරණය යනු ආණ්ඩු පෙරළන මැතිවරණයක් නොවේ. එය ගමේ සංවර්ධනයට ගමේ ඔබ සහභාගි කරගන්නා දේශපාලන ක‍්‍රියාවලියකි. අනාගත දේශපාලන නායකයින් බිහි කරන දේශපාලන පෙරළියකි. ජාතික දේශපාලනය ශක්තිමත් කිරීමට පුරවැසි ඔබව සහභාගි කරගන්නා දේශපාලන සංස්කෘතියකි. එම සමස්ත ක‍්‍රියාවලියම සාර්ථක වීමට නම් ජාතික දේශපාලනයට අප හඳුන්වා දුන් ජාතික ආණ්ඩු සංකල්පය නැතහොත් යහපාලනය සහ සුපිළිපන්න ආණ්ඩු සංකල්පය ගමේ පුංචි ආණ්ඩුවට හඳුන්වා දිය  යුතු බව මගේ  විශ්වාසයයි. එය අපේ රටට යහපත් අනාගතයක් උදාකර ලීමට අපට ඇති තවත් අනඟි මාවතක් වේ. එබැවින් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඔබ වෙනුවෙන් පත් වන දේශපාලන නියෝජිතයා ගමේ සම්පත් ආරක්ෂා කරන, ගමේ සම්පත් කළමනාකරණ කළ හැකි, හොරකම වංචාව දූෂණය පිටුදකින පුද්ගලයකුදැයි විමසීම වැදත්ම කරුණකි. දේශපාලන පක්ෂය කුමක් වුවත්, වංචාසහගත දූෂිත පුද්ගලයින් එකහෙළාම ප‍්‍රතික්ෂේප කර, සියලුදෙනාගේම කැපවීමෙන් ගොඩනඟාගත් වත්මන් යහපාලන රජය නැතහොත් ජාතික ආණ්ඩුව ආරක්ෂා කර ගත හැකි යහපත් මිනිසුන්ට පමණක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී පක්ෂ භේදයෙන් තොරව ඔබේ වටිනා ඡන්දය   භාවිත කරන්නැයි රට වෙනුවෙන් මම ඔබගෙන් ඉල්ලා සිටිමි....” 

      2018-02-05   Back 87 Views

    HOT NEWS
    Post Thumb
    ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද උතූරු පළාත් ඉන්ධන බෙදුම්කරුවන් සමඟ

    පහුගිය 2015 ජනවාරි වල මේ රටේ මහජනතාව වරමක් දුන්නා අතිගරු ජනාධිපතිතුමාට ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේ දී අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් දෙදෙනාටම බලයක් දෙන්නේ නැතිව වරමක් දුන්නා ප්‍රධාන පක්ෂ ද.....

      2018-02-19 Read more

    අ.පො.ස උසස් පෙළ අයදුම්පත් භාර ගැනීම අනිද්දායින් අවසන්
    Post Thumb

    2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දා (23) දිනයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරු මග.....

      2018-02-21 Read more

    එජාප ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රිවරයෙක් දිවුරුම් දෙයි
    Post Thumb

    එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඒ.එල්. මොහොමඩ් නසීර් කථානායකවරයා ඉදිරියේ අද (06) දිවුරුම් දුන්නා. ඒ ඉල්ලා අස් වූ එම්.එච්.එම්. සල්මාන්ගේ පුරප්පාඩු.....

      2018-02-06 Read more

    අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට නීතියේ සහය පතයි.
    Post Thumb

    බැඳුම්කර සිද්ධියේ පළමු සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තමා අත්අඩංගුවට පත්වීමෙන් වළක්වා ගැනීම සඳහා නීතියේ සහය පතමින් සිටින බව වාර්තා වේ. ඔහු මෙරට පුරවැසියෙක් නොවන තත්ත්වයක් තුළ එ.....

      2018-02-06 Read more

    ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට ජනපති තීරණය ගෙන ඇත.
    Post Thumb

    පෙබරවාරි 10 වැනිදා සිට ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගෙනඇති තිරණය ප්‍රායෝගිකව සිදු කළ නොහැකි දෙයක් ශ්‍රී ලංකා අපනයන මණ්ඩල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ලංකාවේ දැනට නිෂ්පාදනය කරනු ල.....

      2018-02-06 Read more

    ලබන අප්‍රේල් මස සිට පාසල් වෙත නොමිලේ වයිෆයි
    Post Thumb

    ලබන අප්‍රේල් මාසයේ දී පාසල් වෙත වයිෆයි පහසුකම නොමිලේ ලබාදෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය වසරේ එම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව තිබුණද ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් එම කටයුත.....

      2018-02-06 Read more

    කිසිදු භේදයකින් තොරව ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
    Post Thumb

    ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව මේ රටේ සියලු ජනතාවගේ නායකයා ලෙස ඔවුන් සියලුදෙනාගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටීමට තමන් කැපවී සිටින බව ඊයේ(05) පස්වරුවේ පොතුවිල් ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජන.....

      2018-02-06 Read more

    කොටුව ප්‍රධාන වීදියේ අද අළුයම ගින්නක් හට ගනී.
    Post Thumb

    අද(05) අළුයම කොටුව ප්‍රධාන වීදියේ රෙදිපිළි වෙළඳසැලක ගින්නක් හට ගෙන ඇති අතර කොළඹ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව මෙම ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබේ. එහෙත් ගින්නට හේතු.....

      2018-02-05 Read more

    මහ බැංකු බැඳුම්කර වංචාවට ජනාධිපතිවරයා වගකිව යුතුයි හිටපු ජනපති පවසයි.
    Post Thumb

    මහ බැංකු බැඳුම්කර නිකුත් කිරිමේදී සිදු වූ වංචාව සම්බන්ධයෙන් වගකීම ජනාධිපතිවරයා භාරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.එතුමා කියා සිටින්නේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සිදු කරන වැරදිවලට .....

      2018-02-05 Read more