Victory Shipping
Victory Shipping
Latest News
  • >> තොන්ඩමන් පොහොට්ටුවට.......
  • >> රට සංවර්ධනයට දූෂණයෙන් තොර දේශපාලනයක් අත්‍යාවශ්‍යයි.
  • >> බ්‍රිගේඩියර් නිදහස්....
  • >> රවී පාර්ලිමේන්තුවේදී දෙහි කපයි.... (මෙන්න විස්තර)
  • >> ජල සම්පාදන වෘත්තීය සමිති අද පැය 24 ක් වැඩ වර්ජනයක නිරත වෙයි.
  • >> අද බැඳුම්කර කොමිසමේ වාර්තාව සභාගත කරයි
  • >> ගෝලීය වෙළඳපොළ ජය ගැනීම අපගේ ඉලක්කය විය යුතුයි ඇමති බදියුදීන් කියයි.
  • >> ජනාධිපති නිල කාලය වසර 5 කි
  • >> ධූරකාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
  • >> බද්ධ දරුවන් වෙන්කර ලෝක වාර්තාවක්
  • >> ධීවරයෝ දෙදෙනෙක් මරුට
  • >> වෑන්-ටිපර් අනතුරින් 4ක් එතනමයි-1කට තුවාලයි
  • >> අර්ජුනගේ යෝජනාවට බාල්දියක්
  • >> යාපනයේ අනතුරකින් 2 ක් මරුට
  • >> යහපත් වූ සිත පුද්ගලයා උසස් තන්හී රඳවයි
  • >> වැඩ ගොඩක් කරලා පොලීසියෙන් හොයපු අය අතටම හසුවෙයි
  • >> හෙල්මට් නැතුව ගිහින් 2ක් අවසන් ගමන් යයි
  • >> බලපත් රහිත ගුවන් විදුලි නාලිකාවක් වටලයි
  • >> රිය අනතුරු වලින් 5 ක් මරුට
  • >> 205 කගේ උසස් පෙළ ප්‍රතිඵල අත්හිටුවයි
  • >> ඡන්ද පොළේ ආරක්ෂාවට පොලිසිය සමඟ නියෝජිතයෝ දෙදෙනෙක්
  • >> බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි
  • >> රුපියල් ලක්ෂ දහහතරක ආදායමක්
  • >> තේ තහනම ඉවතට
  • >> 41 දෙදරු මවගේ අනියම් පෙම මරණයෙන් කෙළවර වෙයි
  • >> යාපනයේ ආයතන හතරකින් පොහොට්ටුව විසිවේ
  • >> නොමිලේ පෙළ පොත් -අලෙවි කිරීමක් කරන්නෙ නෑ
  • >> බැලැස්ටික් මිසයිලය
  • >> ඇස්බැස්ටස් සෙවිලි තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
  • >> වෛරස් උණක් හේතුවෙන් රජරට සරසවිය වසාදමයි
  • >> අදිවේගී මාර්ගයට දුම්රියක් කඩා වැටෙයි
  • >> නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පද්මසිරි ජයමාන්න මහතා
  • >> මේ තැන් වලින් නාන්න එපා
  • >> ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය අද (15) ජනාධිපති කාර්යාලයේදී දිව්රුම් දුන්නාය.
  • >> ඔටෝවා ප්‍රඥප්තිය ක්‍රියාවට නංවයි
  •  

    තරග පාවාදීම් ගැන ඇමැති අර්ජුන කථා කරයි

    කළුතර පානදුර තරග පාවාදීමට සම්බන්ධ නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් පැමිණවීම ප්‍රමාද වන්නේ ඇයිදැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි දයාසේකර මහතාගෙන් ප්‍රශ්න කර සිටී. “පානදුර - කළුතර තරග පාවාදීම සංවිධානාත්මක අපරාධයකි. එහි මූලික ඉලක්කය වූයේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම ප‍්‍රිමියර් ලීග් බී ඛාණ්ඩයෙන් ඒ ඛාණ්ඩයට යාම වැළැක්වීමයි. ඊට අමතරව පානදුර කණ්ඩායමට ඒ ඛාණ්ඩය සඳහා සුදුසුකම් ලබා ගැනීමටත්, කළුතර කණ්ඩායමට ප‍්‍රිමියර් ලීග් බී ඛාණ්ඩයේ සිට සරා තරගාවලිය  දක්වා පහළ වැටීම වළක්වා ගැනීමේත් අරමුණුණින් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනට බලපෑමක් එල්ල කිරීමද මෙම තරග පාවාදීමේ අරමුණක් බව පැහැදිලිය. එය චේතනාන්විතව සිදු කරන ලද වංචාවකි. අපරාධයකි. එවැනි සංවිධානාත්මක අපරාධයක් සිදු කිරීම ක‍්‍රීඩකයින්ට පමණක් සිදු කළ නොහැකි බව මගේ විශ්වාසයයි. ඒ සඳහා ක‍්‍රීඩකයින් පෙළඹවීමටත් සහ සැලසුම් සකස් කිරීමටත් ක‍්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන්ගේ මැදිහත් වීම මෙන්ම  අනුදැනුම අත්‍යවශ්‍යමය. ක‍්‍රීඩාවේ පාරිශුද්ධත්වය සුරැකීමටත් මෙවැනි අශීලාචාර ක‍්‍රියා තවදුරටත් සිදු නොවීමටත් මේ තරග පාවාදීම පිටුපස සිටියේ කවුරුන්දැයි යන්න හඳුනා ගැනීමද අත්‍යවශ්‍යය....” යැයිද අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි. ඒ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ට ලිපියක් යොමු කරමිනි.

    “කළුතර - පානදුර තරග පාවාදීම සම්බන්ධ නිලධාරීන්ට දඬුවම් නොපැමිණ වීම සම්බන්ධයෙනි....” යන සිරස්තලය යටතේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා යොමු කළ ලිපිය පිටු දෙකකින් යුක්තය. එම ලිපියෙන් අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් අවධාරණය කරන්නේ තරග පාවාදීමට වගකිව යුතු සහ වගවීමේ ක්‍රියාවලියට බැඳෙන එකී ක්‍රීඩාසමාජවල ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිඳු දඬුවමක් ලබා නොදීම විශ්මයාර්ථය දනවන කරුණක් වන බවයි. තරග පාවාදීමේ සියලු පව් ක්‍රීඩකයින් වෙත පටවා එකී ක්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන් බේරීමේ සූක්ෂම සැලසුමක් මේ වන විට ක්‍රියාත්මක වන බවද එම ලිපියේ දැක්වේ.

    “2016 ජනවාරි මාසය වන විට කළුතර කාය වර්ධන කවයේ නීත්‍යානුකූල සභාපති ලෙස ප‍්‍රනීත් පිරීස් මහතාත් නීත්‍යානුකූල ලේකම් ලෙස ආර්. ජේ. එස් පෙරේරා මහතාත් කටයුතු කළේය. 2016 ක‍්‍රිකට් නිලවරණයේදී එම ක‍්‍රීඩා සමාජය ඡන්දය ප‍්‍රකාශ කළේ තිලංග සුමතිපාල මහතාට විරුද්ධවය. ඉන් අනතුරුව සුමතිපාල මහතා සභාපතිත්වය දරන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පූර්ණ මැදිහත් වීමෙන් එකී ක‍්‍රීඩා සමාජයේ පරිපාලන බලය නීත්‍යානුකූල සභාපති සහ ලේකම්ගෙන් ඉවත් කර කමිටුවකට පැවරිණ. එම අසාධාරණයට එරෙහිව නීත්‍යානුකූල සභාපති සහ ලේකම් ඔබතුමාට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේය. එම පැමිණිල්ල පදනම් කරගනිමින් ඔබතුමාම දුන් නියෝගයකට අනුව ක‍්‍රීඩා අධ්‍යක්ෂජනරාල්වරයා කළ පරීක්ෂණයේ අවසන් නිර්දේශයද වූයේද නැවත වරක් කළුතර කායවර්ධන කවය නීත්‍යනුකූල සභාපතිට සහ ලේකම්ට භාර දෙන ලෙසයි. එහෙත් අදටත් ඔබතුමාගේ නියෝගයකට අනුව සිදු කළ පරීක්ෂණයේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ක‍්‍රියා කර නොමැත. විවිධ උපක‍්‍රම යොදා ගනිමින් අදටත් කළුතර ක‍්‍රීඩා සමාජයේ පරිපාලනය මෙහෙයවනුයේ සුමතිපාල මහතා සභාපතිත්තවය දරන  ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පත් කළ කමිටුවක් විසිනි. එහි සාමාජිකයින් වන රන්ජන් පරණවිතාන, සුමිත් ප‍්‍රසන්න සහ නෙවිල් වීරසේකර යන අය සුමතිපාල පාර්ශ්වයේ හිත මිතුරන් බව අමතුවෙන් කිව යුතු නොවේ. ඔවුන් මෙහෙයවන කළුතර කායවර්ධන ක‍්‍රීඩා සමාජය හා එක්ව තරග පාවාදීමට සම්බන්ධ පානදුර ක‍්‍රීඩා සමාජයේ සාමාජිකයින් වන රවීන් වික‍්‍රමරත්න ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප ලේකම්වරයෙකි. ප‍්‍රියන්ත සොයිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සාමාජිකයෙකි. ඔවුන් දෙදෙනාද පසුගිය ක‍්‍රිකට් නිලවරණයේදී සුමතිපාල පාර්ශ්වය දිනවීමට ප‍්‍රසිද්ධියේ ක‍්‍රියා කළ අයය. ජයන්ත සිල්වා සභාපති ධුරය දරන නුවන් සමරනායක ලේකම් ධුරය දරන පානදුර ක‍්‍රීඩා සමාජය පසුගිය ක‍්‍රිකට් නිලවරණයේදී සිය ඡන්දය ප‍්‍රකාශ කළේද සුමතිපාල පාර්ශ්වය වෙනුවෙනි. මෙයින් පෙනී යන්නේ තරග පාවාදීමට සම්බන්ධ කළුතර සහ පානදුර ක‍්‍රීඩා සමාජවල ඉහළම නිලධාරීන් සුමතිපාල පාර්ශ්වයේ ළඟම හිතවතුන් වන බවත් එම හේතුව මතම තරග පාවාදීම සම්බන්ධයෙන් ඔවුනට දඬුවම් නොකර සිතාමතාම ඔවුන්ව ආරක්ෂා කර ඇති බවත් නොවේද ? එම සාධාරණ සැකය කිසිවකුටත් බැහැර කළ නොහැකි බවද මම ඔබතුමාට තරයේ අවධාරණය කරමි....” යැයිද එම ලිපියේ දැක්වේ.

    “යුක්ති ධර්මයේ සහ නීතියේ මූලධර්ම අනුව කළුතර - පානදුර තරග පාවදීම සම්බන්ධයෙන් වූ වගවීමේ සහ වගකීමේ ක‍්‍රියාවලියෙන් එකී ක‍්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන්ට බැහැර විය නොහැකිය. එබැවින් කළුතර - පානදුර තරග පාවාදීමේ සිද්ධියට ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට පමණක් දඬුවම් පැමිණීමෙන් සෑහීමකට පත් විය නොහැක්කකි. ක‍්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කර ගැනීමට නම් එම සංවිධානාත්මක වරදට, අපරාධයට ක‍්‍රීඩකයින් සහ පුහුණුකරුවන් පෙළඹූ ක‍්‍රීඩා සමාජවල ඉහළම නිලධාරීන්ට දඬුවම් පැමිණවීමද අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි....” යැයි පවසන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය ලිපියෙන් අවධාරණය කරන්නේ සූදු සහ ඔට්ටු ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් ක‍්‍රිකට් පරිපාලනයට පැමිණීමෙන් තරග පාවාදීම් ඇතුළු වංචා සහ අක‍්‍රමිකතා සිදු විය හැකි බවත් එයින්ම ක‍්‍රීඩාවේ පරිහානිය සිදුවිය  හැකි බවටත් තමන් අවස්ථා කිහිපයකදීම අනතුරු ඇඟවූ බවයි. එම අනතුරු ඇඟවීම් නිසි අවධානයට නොගැනීම මත ක‍්‍රිකට් ක‍්‍රීඩාව සියලු අංශයන්ගෙන් අගාධයට වැටෙමින් තිබෙන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට කියා සිටී. තවදුරටත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව අගාධයට යාම වැළැක්වීමේ සහ ශ‍්‍රී ලාංකේය ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කර ගැනීමට ඓතිහාසිකව තමන්ට පැවැරුණු වගකීම ඉටු කිරීමේ අරමුණින් මෙකී දැනුවත් වීම සිදු කරන බවද ක්‍රීඩා අමාත්‍යතුමා වෙත යොමු කළ ලිපියෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා සිටී. ක්‍රිකට් සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දැක්වූ අදහස් ඇතුළත් විඩියෝ පටයක් පහත දැක්වේ. 

      2017-10-09   Back 532 Views

    HOT NEWS
    Post Thumb
    ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද උතූරු පළාත් ඉන්ධන බෙදුම්කරුවන් සමඟ

    පහුගිය 2015 ජනවාරි වල මේ රටේ මහජනතාව වරමක් දුන්නා අතිගරු ජනාධිපතිතුමාට ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේ දී අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් දෙදෙනාටම බලයක් දෙන්නේ නැතිව වරමක් දුන්නා ප්‍රධාන පක්ෂ ද.....

      2018-02-19 Read more

    අ.පො.ස උසස් පෙළ අයදුම්පත් භාර ගැනීම අනිද්දායින් අවසන්
    Post Thumb

    2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දා (23) දිනයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරු මග.....

      2018-02-21 Read more

    එජාප ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රිවරයෙක් දිවුරුම් දෙයි
    Post Thumb

    එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඒ.එල්. මොහොමඩ් නසීර් කථානායකවරයා ඉදිරියේ අද (06) දිවුරුම් දුන්නා. ඒ ඉල්ලා අස් වූ එම්.එච්.එම්. සල්මාන්ගේ පුරප්පාඩු.....

      2018-02-06 Read more

    අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට නීතියේ සහය පතයි.
    Post Thumb

    බැඳුම්කර සිද්ධියේ පළමු සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තමා අත්අඩංගුවට පත්වීමෙන් වළක්වා ගැනීම සඳහා නීතියේ සහය පතමින් සිටින බව වාර්තා වේ. ඔහු මෙරට පුරවැසියෙක් නොවන තත්ත්වයක් තුළ එ.....

      2018-02-06 Read more

    ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට ජනපති තීරණය ගෙන ඇත.
    Post Thumb

    පෙබරවාරි 10 වැනිදා සිට ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගෙනඇති තිරණය ප්‍රායෝගිකව සිදු කළ නොහැකි දෙයක් ශ්‍රී ලංකා අපනයන මණ්ඩල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ලංකාවේ දැනට නිෂ්පාදනය කරනු ල.....

      2018-02-06 Read more

    ලබන අප්‍රේල් මස සිට පාසල් වෙත නොමිලේ වයිෆයි
    Post Thumb

    ලබන අප්‍රේල් මාසයේ දී පාසල් වෙත වයිෆයි පහසුකම නොමිලේ ලබාදෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය වසරේ එම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව තිබුණද ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් එම කටයුත.....

      2018-02-06 Read more

    කිසිදු භේදයකින් තොරව ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
    Post Thumb

    ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව මේ රටේ සියලු ජනතාවගේ නායකයා ලෙස ඔවුන් සියලුදෙනාගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටීමට තමන් කැපවී සිටින බව ඊයේ(05) පස්වරුවේ පොතුවිල් ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජන.....

      2018-02-06 Read more

    කොටුව ප්‍රධාන වීදියේ අද අළුයම ගින්නක් හට ගනී.
    Post Thumb

    අද(05) අළුයම කොටුව ප්‍රධාන වීදියේ රෙදිපිළි වෙළඳසැලක ගින්නක් හට ගෙන ඇති අතර කොළඹ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව මෙම ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබේ. එහෙත් ගින්නට හේතු.....

      2018-02-05 Read more

    මහ බැංකු බැඳුම්කර වංචාවට ජනාධිපතිවරයා වගකිව යුතුයි හිටපු ජනපති පවසයි.
    Post Thumb

    මහ බැංකු බැඳුම්කර නිකුත් කිරිමේදී සිදු වූ වංචාව සම්බන්ධයෙන් වගකීම ජනාධිපතිවරයා භාරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.එතුමා කියා සිටින්නේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සිදු කරන වැරදිවලට .....

      2018-02-05 Read more